ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 333ක් ඉදිරියෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 333ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 333ක් ඉදිරියෙන්

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන  අද (18) දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9කට ලකුණු 329ක් ලබාගෙන තිබුණි.

 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 333ක් ඉදිරියෙන් පසුවෙයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 86 ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 76ක් ද ඕෂද ප්‍රනාන්දු ලකුණු 64ක් ද ලබා ගැනීමට සමත් විය.

 

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 222ක් ලබාගත් අතර පාකිස්ථානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 218ක් ලබා ගැනීමට සමත් වුණි.

views

279 Views

Comments

arrow-up