JUL
11
පැතුම් නිස්සංකට LPL වරම්

LPL තරගාවලියේ ක්‍රීඩා කිරීම සඳහා පැතුම් නිස්සංකට මිල ගණන් ඉදිරිපත් කර නොතිබීම කාගේත් අවධානයට යොමු වුණා.
කෙසේ වුවත් ඔහුව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම විසින් මේ වනවිට තෝරාගෙන තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව පැතුම්ගේ එක්වීම පිතිකරණය ශක්තිමත් කරනවා පමණක් නොව ඔහු ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට ක්‍රීඩා කළ මෑත කාලීන අත්දැකීම් තම කණ්ඩායමට විශාල සම්පතක් වනු ඇති බව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ හිමිකරු පර්වේස් ඛාන් ප්‍රකාශ කර සිටියා.
234 Views
Comments