ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය කිරීම සීමා කෙරේ

ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය කිරීම සීමා කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඒ මහතා පවසන්නේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙලෙස ඉන්ධන ආනයනය කිරීම සීමා කරන බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ QR ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගනු ලැබුවේ දෛනික ඉන්ධන ඉල්ලමු සපුරාලීමට නොහැකි නිසා බවයි.
ඉන්ධන සංචිත ප්‍රමාණවත්ව තිබුණ කාලයේ දී පවා සෑම පිරවුම්හලකම ඉන්ධන බෙදාහැරීම ප්‍රායෝගික සිදුකළ නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
326 Views
Comments