වසන්ත මුදලිගේ, ජෝසප් ස්ටාලින් ඇතුළු 06 කට විදෙස් ගමන් තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

වසන්ත මුදලිගේ, ජෝසප් ස්ටාලින් ඇතුළු 06 කට විදෙස් ගමන් තහනම්

වසන්ත මුදලිගේ, ජෝසප් ස්ටාලින් ඇතුළු 06 කට විදෙස් ගමන් තහනම්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජෝසප් ස්ටාලින් ඇතුලු 06 දෙනෙකුට විදෙස්ගත වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඔවුන් දෙදෙනාට අමතරව ජීවන්ත පීරිස් පියතුමා, එරංග ගුණසේකර, ලහිරු  වීරසේකර ඇතුළු 04 දෙනෙකුට ද ඒ අනුව විදෙස් ගමන් තහනම් වේ.

 

පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කරමින් රජයේ දේපළ වලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ  කොට්ඨාසය විසින් අධිකරණයෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දී ඇත.

views

309 Views

Comments

arrow-up