මාරක රිය අනතුර

තංගල්ල හේනකඩුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ(31) රාත්‍රියේදී තංගල්ල දෙස සිට තිස්සමහාරාමය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා කොස් ගසක ගැටී මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුල පුද්ගලයන් පස් දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස්, තුවාල ලැබූ රියදුරු සහ අනෙක් පුද්ගලයන් දෙදෙනා තංගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මියගිය පුද්ගලයන් දෙදෙනා රන්න ප්‍රදේශයේ පදිංචි 29 සහ 35 හැවිරිදි දෙදෙනෙක්.
294 Views
Comments