තෙවන පාර්ලිමේන්තු සභා වාරයට සියල්ල සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

තෙවන පාර්ලිමේන්තු සභා වාරයට සියල්ල සූදානම්

තෙවන පාර්ලිමේන්තු සභා වාරයට සියල්ල සූදානම්

නව වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය අනිද්දා(3) දින පෙරවරු 10.30ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශකර සිටියා.

මෙම අවස්ථාව උත්සවාකාරයෙන් පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඊට අදාළ පෙරහුරුවක් හෙට(2) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා සියලුම මන්ත්‍රීවරුන් සහභාගි වන ලෙස ද මහලේකම්වරයා දැනුම් දී තිබෙන අතර එදිනට ජනපතිවරයා අදාල සභාවාරයේ මංගල රැස්වීම ආරම්භ කිරීම සඳහා මූලාසනයේ අසුන් ගැනීමට නියමිතයි.

ඒ අනුව ජනපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද මෙදිනට ඉදිරිපත් කරනු ඇති.

views

251 Views

Comments

arrow-up