ගෝඨාට සෞදියේ වීසා දීමට සෞදි ඔටුන්න හිමි කුමරු එරෙහි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ගෝඨාට සෞදියේ වීසා දීමට සෞදි ඔටුන්න හිමි කුමරු එරෙහි වෙයි

ගෝඨාට සෞදියේ වීසා දීමට සෞදි ඔටුන්න හිමි කුමරු එරෙහි වෙයි

දැනට සිංගප්පූරුවේ නැවතී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞදි ආරාබියට යෑම සඳහා වීසා ලබා ගැනීමේ උත්සාහයක නිරත වී ඇතත්  එහි ඔටුන්න හිමි කුමරාවන මොහොමඩ් බින් සල්මාන් ඊට විරෝධතාවය දක්වා ඇති නිසා වීසා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.


මෙම අවස්ථාව ලබාදීමට මැදිහත් වී ඇත්තේ මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් කථානායක මොහොමඩ් විසිනි.

 

කෙසේ වුවත් ඒ වෑයම ව්‍යර්ථ වීම හේතුව දැනට සිංගප්පූරුවේ ගත කරන ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් වෙනත් රටකට යෑමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සහයක් ලබාගන්න අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.

 

දැනට සිංගප්පුරුවේ රැඳී සිටීමේ කාලය තවත් දින 14ක් දීර්ඝ කරගැනීමේ අපේක්ෂාව බොහෝ විට සාර්ථක වනු ඇතැයිද පැවසේ.

 

එසේ වුවද වත්මන් ජනාධිපතිවරයාගේ අදහස වන්නේ තවමත් ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණීම නුසුදුසු බවය. 

 

එබැවින් වෙනත් රටක කෙටි කාලීනව ගත කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරගැනීමේ උත්සාහය දියත් වී ඇත.

 

හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලංකාවට පැමිණියද රජයේ විශේෂ පහසුකම් නොලබා රජයෙන් දෙන සීමිත ආරක්ෂකයින් සමඟ සිය පෞද්ගලික නිවසේ ජීවත් වීමට හිටපු ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවයි.

 

මේ කටයුතු සඳහා ඔහුට රාජපක්ෂ පවුලේ සෙසු අයගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බවද වාර්තා වේ.

views

282 Views

Comments

arrow-up