AUG
22
මුහුද මැද අතරමං වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් බේරා ගැනේ

ධනුෂ්කොඩි අසල මුහුද මැද දින තුනක් අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු බේරාගැනීමට තමිල්නාඩු වෙරළාරක්ෂක බලකාය සමත් වී තිබෙනවා.
මුදවා ගත් පිරිස ශ්‍රී ලංකාවේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පදිංචි පිරිසක් වන අතර ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා නීති විරෝධී යාත්‍රාවකින් මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.
මුදා ගත් පිරිස අතර ළමුන් තිදෙනෙකු සහ ළදරුවෙකු ද සිටි බවයි වාර්තා වන්නේ.
235 Views
Comments