අරගලය නිසා තමයි ඔබතුමා ජනාධිපති වුණේ - දුමින්ද දිසානායක ජනපතිගේ මූණටම කියයි

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වුණේ අරගලය නිසා බවත්, තමා අරගලයට ස්තුතිවන්ත වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ ඊයේ(21) අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් සංවිධානය කළ අනුරාධපුර සංවර්ධන සභාව අමතමිනුයි.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක් වී තිබීම විශේෂත්වයක්.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ තුනේම මහජන නියෝජිතයන් ද මේ සඳහා එක්ව සිටියා.
237 Views
Comments