ඉරණවිල මුහුද රළුවේ - නිවාස රැසකුත් මුහුදට බිලි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

ඉරණවිල මුහුද රළුවේ - නිවාස රැසකුත් මුහුදට බිලි

ඉරණවිල මුහුද රළුවේ - නිවාස රැසකුත් මුහුදට බිලි

පවතින අයහපත් කාලගුණ තත්වය සමඟ ඉරණවිල වෙරළ තිරය දරුණු ලෙස ඛාදනයට ලක්වෙමින් ඇතැයි ධීවර ජනතාව පවසයි.

 

මේවන විට ඉරණවිල මුහුදු තිරයේ කිලෝ මිටරයකට ආසන්න දුරක් මුහුදු ඛාදනයෙන් වැනසි ඇති බව ධීවරයෝ පවසති.

 

මුහුදු ඛාදනයත් සමඟ වෙරළ තිරය ආසන්නයේ පිහිටි නිවාස රැසක් මේවන විට මුහුදු ඛාදනයට ලක්වි ඇති අතර පොල් ගස් රැසක්ද මුහුදට ගසාගෙන ගොස් තිබේ.

 

මෙම මුහුද ඛාදනයත් සමඟ වෙරළ තිරයේ පිහිටි හලාවත සිට වයික්කාල දක්වා මුහුදු බඩ මාර්ගයද දැඩි අවධානමකට ලක්වි ඇති බව වාර්තාවෙයි.

 

මේ සියල්ල හමුවේ තමන්ට ධීවර කටයුතුවලට යාමටත් ඒමටත් ධීවර යාත්‍රාවක් වෙරළට දැමිමට අපහසු වී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

views

242 Views

Comments

arrow-up