මැදපෙරදිග රැකියාවකට ගොස් දිවි අහිමි වූ මවගේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

මැදපෙරදිග රැකියාවකට ගොස් දිවි අහිමි වූ මවගේ කතාව

මැදපෙරදිග රැකියාවකට ගොස් දිවි අහිමි වූ මවගේ කතාව

මහනුවර හල්ඔලුව ප්‍රදේශයේ අනුලා කුමාරී මැදපෙරදිග ගෘහ සේවයට ගොස් ඇත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙරයි.

නමුත් පසුගිය විසි දෙවැනි දා ඇයගේ දුරකථනයෙන් වෙනත් කාන්තාවක් කතා කර දන්වා ඇත්තේ ඇය විදුලි සැර වැදී මියගොස් ඇති බවයි.

කෙසේ නමුත් අනුලාගේ පවුලේ සාමාජිකයන් මෙය විශ්වාස නොකරන අතර ඒ මවගේ දේහයේ පින්තූරයක් හෝ තමන්ට නොපෙන් වූ නිසායි.

දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අනුලාගේ සැමියාද ගසකින් වැටී එක්තැන් වී සිටිනවා.

කෙසේ හෝ මවගේ දේහය දිවයිනට රැගෙන එන ලෙසයි වැඩිමහල් දියණිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

views

324 Views

Comments

arrow-up