බොරතෙල් නැවක් ඩොලර් නැතිව දින 08ක් මුහුදේ

බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවකට මුදල් ගෙවාගත නොහැකිව දින 08ක් තිස්සේ මෙරට මුහුදු සීමාවේ නවතා තබාගෙන ඇතැයි වාර්තා වේ.
ඌරල් නම් සමාගමට අයත් මෙම නෞකාව පසුගිය අගෝස්තු 23 වනදා මෙරටට පැමිණ තිබෙන අතර එම නෞකාවට මුදල් ගෙවා ගැනීමට නොහැකිවීමෙන් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 75,000ක් ගෙවීමට සිදුවී ඇතැයිද තෙල් සංස්ථා ආරංචි මාර්ග කියයි.
කොරල් එනර්ජි සමාගම විසින් මෙරටට ගෙනඒමට නියමිතව තිබූ බොරතෙල් මෙට්‍රික් ටොන් 128,000 වෙනුවට මෙම ඌරල් නැව පැමිණ ඇත.
මෙම නැවේ බොරතෙල් පිරිපහදු කිරීමේදී සියයට 52ක් කළු තෙල්ද, සියයට 21ක් ඩීසල් හා සියයට 12ක් පෙට්‍රල්ද ලැබෙන බව එම ආරංචි මාර්ග කියා සිටී.
මෙම බොරතෙල්වල ඝනත්වය වැඩිවීම නිසා වසර 50කට වඩා පැරණි පිරිපහදුව මගින් පිරිපහදු කිරීමට යෑමෙන් පිරිපහදුවේ ආරක්‍ෂාවට තර්ජනයක් බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
228 Views
Comments