රණ්ඩුව බේරන්න ගිය අය පිහි පහරින් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

රණ්ඩුව බේරන්න ගිය අය පිහි පහරින් මරුට

රණ්ඩුව බේරන්න ගිය අය පිහි පහරින් මරුට

අගලවත්ත ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් සමථයකට පත්කිරීමට යෑමෙන් අනතුරුව පපුවට පිහියකින් ඇන එක්දරු පියෙකු ඝාතනය කර ඇතැයි මතුගම පොලිසිය කියයි.

 

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ අගලවත්ත, කොස්ගහහේන, ප්‍රදේශයේ පදිංචිව සිටී ජී. ජයසේන නමැති 43 හැවිරිදි එකදරු පියෙකි.

 

මියගිය පුදග්ලයා තවත් දෙදෙනකු සමඟ පෙරේදා(27) කතාබස් කරමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණ ඇති පුද්ගලයකු මියගිය අය සමඟ සිටි අයෙකු සමඟ බහින්බස් වීමක් සිදුව ඇති බවත් එය බේරීමට යෑමේදී එම පුද්ගලයා මරණකරුගේ පපුවට පිහියකින් ඇන ඇති බවත් හෙළිව තිබේ. 


පපුවේ වම්පසට එල්ලවූ බරපතළ තුවාල ලද පුද්ගලයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.

 

පහරදුන් පුද්ගලයා සොයා මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

296 Views

Comments

arrow-up