මන්ත්‍රී නිවාස වලට ගිනි තැබූ තවත් සැකකරුවන් දෙකක් අත්අඩංගුවට

ගාමිණී ලොකුගේ සහ විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට පසුගිය මැයි 09 වනදා දින ගිනි තැබීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයාගේ නිවසට සහ වාහන දෙකකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගිනි.
39 හැවිරිදි එම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේදී වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර පසුගිය ජූලි 9 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවී එහි දේපළවලට හානි සිදු කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් භික්‍ෂූන් වහන්සේ නමක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
262 Views
Comments