මෝටර් රථයක් ගසක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මියගොස් ඇත්තේ බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 18 වියැති පාසල් සිසුවෙක්.
මියගිය සිසුවාගේ පියා උපකාරක පන්ති ගුරුවරයකු වන අතර ඔහු උපකාරක පන්තියකට සහභාගී වී බිබිලේ සිට ඔවුන්ගේ නිවස වෙත පදියතලාව දක්වා ගමන් කරන අතරතුර වනඅලියෙකු දැක කලබලයට පත්වී රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුරින් රථයෙහි ගමන්ගත් පිය පුතු දෙදෙනා බරපතළ තුවාල ලබා බිබිල සේනක බිබිලේ මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.
247 Views
Comments