කෙසෙල් වගාව අපනයනයට වැඩසටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

කෙසෙල් වගාව අපනයනයට වැඩසටහනක්

කෙසෙල් වගාව අපනයනයට වැඩසටහනක්

මෙරට කෙසෙල් අස්වැන්න අපනයනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව කෙසෙල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 600 ත් 700ත් අතර මිලකට අලෙවි කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම වසරේ මුල් මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් 28,000 ක ආදායමක් කෙසෙල් අපනයනයෙන් උපයා ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඉදිරියේදී අපනයන තත්ත්වයෙන් කෙසෙල් නිෂ්පාදනය කිරීම පිළිබද නියමු ව්‍යාප්ති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කර සිටියා. 

views

344 Views

Comments

arrow-up