රබර්වලට මිලක් නැතිව වගාකරුවෝ කබලෙන් ලිපට

රබර්වලට හොඳ මිලක් නොමැතිකමින් රබර් කර්මාන්තයෙන් ජීවත් වන අති විශාල පිරිසක් මේ වනවිට දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබේ.
මීට පෙර රබර් ෂීට් කිලෝවක් සඳහා රුපියල් 650ක මුදලක් රබර් එකතු කරන වෙළෙඳ සැල්වලින් ලැබුණු බවත්, එහෙත් මේවන විට රබර් ෂීට් කිලෝවක් සඳහා ලැබෙනුයේ රුපියල් 320ත් - 350ත් අතර මුදලක් බවත් එම කර්මාන්තයේ නිරත කාන්තාවක් පැවසුවාය.
ඇය මෙසේද ද කීවාය.
“රබර් මාර්කට් එක බැහැල නිසා රබර් එකතු කරන කඩවල්වලින් බොහෝ විට අපි ගෙනියන රබර් එපා කියනවා. බොහෝ කඩවලින් ගත්තේ වේළිච්චි රබර් විතරයි. අමු රබර් ගන්නෙ නැහැ. රබර් කර්මාන්තයෙන් ජීවත් වන පවුල් අන්ත අසරණවෙලයි ඉන්නේ. ඉන්ධන ප්‍රශ්නයත් මේ හැම දේට ම බලපාලයි තියන්නේ. රබර්වලට දාන ඇසිඩ් බෝතලයත් දැන් ගණන් ගිහින්. මීට පෙර මිලි ලීටර් 750 ඇසිඩ් බෝතලය තිබුණේ රුපියල් 350කට. දැන් එම බෝතලය රුපියල් 1200ක් විතර වෙනවා. මේකට විසඳුම් දෙන්න කියලා අපි රබර් දෙපාර්තමේන්තුවට කිව්වා. නමුත් තාම විසඳුමක් ලැබිලා නැහැ.”
225 Views
Comments