මෙරටට එන සුද්දන්ට නාන්න තෙල්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

මෙරටට එන සුද්දන්ට නාන්න තෙල්

මෙරටට එන සුද්දන්ට නාන්න තෙල්

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා සංචාරක ඉන්ධන අවසරපත්‍රයක් (Tourists Fuel Pass) හදුන්වා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරනවා.

 

මෙම සංචාරක ඉන්ධන අවසරපත ක්‍රමවේදය මඟින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට දැනට රටේ පවත්නා ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව, සිය අවශ්‍යතාවය අනුව ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙන බවද එම අමාත්‍යාංශය කියාසිටියේ.

 

දිවයින පුරා පිහිටි ඕනෑම සම්පත් බැංකු ශාඛාවකට පිවිස ඕනෑම විදේශ මුදල් ඒකකයකින් සංචාරක ඉන්ධන අවසරපත මිලදීගැනීමේ පහසුව මෙන්ම  දිවයින පුරා පිහිටි 300කට අධික Ceypetco සහ LIOC ඉන්ධන පිරවුම්හල්වලින් ඉතා පහසුවෙන් ඉන්ධන ලබාගැනීමේ පහසුවද ඔවුන්ට හිමිවනවා.

 

views

231 Views

Comments

arrow-up