මත්පැන් මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

මත්පැන් මිල ඉහළට

මත්පැන් මිල ඉහළට

පෙරේදා (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබේ.

 

DCSL සමාගම විසින් සෑම මත්පැන් වර්ගයකම මිල ඉහළ දමා තිබේ.

 

ඒ අනුව මිලිලීටර් 750ක අති විශේෂ මත්පැන් බෝතලයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබේ.

 

ඊට සමගාමීව අනෙකුත් මත්පැන් වර්ගවල ද මිල ගණන් ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

 

මේ අතර පෙරේදා (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටිවල මිල ද රුපියල් 05කින් ඉහළ දමා තිබේ.

views

252 Views

Comments

arrow-up