නාවලපිටියේ දී මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

නාවලපිටියේ දී මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් අත්අඩංගුවට

නාවලපිටියේ දී මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් අත්අඩංගුවට

නාවලපිටිය කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ සමගි ජන බලවේගයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සමගි ජන බලවේගයේ නාවලපිටිය ප්‍රධාන සංවිධායක සසංක සම්පත් මහතා ඇතුලු 15 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

 

ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කර තිබුණි.

 

මෙලෙස නාවලපිටිය නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “එක්ව නැගිටිමු” ජන හමු මාලාවේ දෙවන අදියර ද අද (16) නාවලපිටිය නගරයේ දීම ක්‍රියාත්මක වූ පසුබිමකයි.

 

views

198 Views

Comments

arrow-up