යූරියා පොහොර ආනයනයට අදාළ සමාගම්වලට අවසර

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර අපනයනය කිරීමට අදාළ සමාගම් වෙත අනුමැතිය ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 150,000ක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරයට පසුගියදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබුණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ යුරියා පොහොර සැපයීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති සමාගම් වෙත අදාළ අනුමැතිය ලබා දුන් බවයි.
ඒ අනුව 2022, 2023 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර නියමිත දිනට ලබා ගැනීමට හැකිවනු ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් අනුරාධපුර සහ පොලොන්නරුව ප්‍රදේශවල ගොවීන් චෝදනා කරන්නේ ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර මෙතෙක් තමන්ට නොලැබුණු බවයි.
205 Views
Comments