ලබන 15 යළි ඉන්ධන මිල සංශෝධනයක් නෑ

මෙම සතිය තුළ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු කළ බැවින් ලබන 15 වනදා යළි ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආනයනය කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන තොගයක් ගොඩබෑම ඊයේ (12) රාත්‍රියේ ආරම්භ කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එසේ ම නව ක්‍රමවේදයකට අනුව සැපයුම්කරුවන් පළ කළ එකඟතාවය මත බොරතෙල් ගොඩබෑම ද ඊයේ (12) රාත්‍රියේ ආරම්භ කර තිබේ.
208 Views
Comments