අල්ලස් ගන්න නිලධාරීන් ගැන දැනුම්දෙන්න කෙටි අංකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

අල්ලස් ගන්න නිලධාරීන් ගැන දැනුම්දෙන්න කෙටි අංකයක්

අල්ලස් ගන්න නිලධාරීන් ගැන දැනුම්දෙන්න කෙටි අංකයක්

 

රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 යන කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

 

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුද්ගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් 1905 යන කෙටි දුරකතන අංකය ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කල හැකි බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

 

මෙම පැමිණිලි සේවාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අංශය වෙත සෘජුව යොමු කිරීමට හැකියාව පවතිනවා.

 

රාජ්‍ය නිලධාරීන් යම් අල්ලස් ඉල්ලීමක් සිදුකරන්නේ නම් 1954 කෙටි දුරකථන අංකය හරහා ද ඒ බව සෘජුව අල්ලස් කොමිසම වෙත දැනුම්දිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

views

182 Views

Comments

arrow-up