තිහගොඩදී වෙඩිතැබූ උප පොලිස් පරීක්ෂකට විනය පරීක්ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

තිහගොඩදී වෙඩිතැබූ උප පොලිස් පරීක්ෂකට විනය පරීක්ෂණයක්

තිහගොඩදී වෙඩිතැබූ උප පොලිස් පරීක්ෂකට විනය පරීක්ෂණයක්

මාතර තිහගොඩදී පාසල් සිසුවෙකුට වෙඩිතැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශකර සිටියා.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් දැනටමත් ඒ සඳහා අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියේ සිද්ධියට අදාළව තම කොමිසමේ මාතර කාර්යාලය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

views

203 Views

Comments

arrow-up