එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසකට ජනපති සමාව
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසකට ජනපති සමාව

එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසකට ජනපති සමාව

එල්.ටී.ටී.ඊ ක්‍රියාකරකම්වලට සම්බන්ධ අධිකරණය මඟින් වරදකරු වු සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව ලබාදී තිබේ.

 

බන්ධනාගාර ගතවී සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 08ක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව එම විශේෂ සමාව ලබා දී ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසීය.

 

ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩුකිරීම යටතේ 2022.10.21 වන දිනමැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 04ක් නිදහස් කිරීමට කටයුතු සිදුකර ඇත.

 

තවත් රැඳවියන් දෙදෙනෙක් අභියාචනාධිකරණයේ පවතින නඩු, එම රැඳවියන් විසින් ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිතය. 

 

අනෙක් රැඳවියන් දෙදෙනා පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උප‍දෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

views

215 Views

Comments

arrow-up