බෙහෙත් පෙති සිරවීමෙන් අවුරුදු තුනහමාරක දරුවෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

බෙහෙත් පෙති සිරවීමෙන් අවුරුදු තුනහමාරක දරුවෙකු මරුට

බෙහෙත් පෙති සිරවීමෙන් අවුරුදු තුනහමාරක දරුවෙකු මරුට

බෙහෙත් පෙති කිහිපයක් සිරවීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු තුනහමාරක පමණ දරුවෙකු ඊයේ (15) ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

අදාල දරුවා රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

දරුවාට වැළඳුණු සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකට ලබාගත් බෙහෙත් පෙති කීපයක් මව විසින්  මේසයක් මත තබා ගොස් ඇත.

 

පසුව දරුවා විසින් මේසය මත තබා තිබූ බෙහෙත් පෙති අහුරක් කටේ දමා ගෙන ඇති අතර එහිදී දරුවාට හුස්ම ගැනීමට අපහසු වී ඇත.

 

දරුවාව වහාම පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති අතර එහි දී ඔහුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර තිබුණි.

 

views

304 Views

Comments

arrow-up