යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

ඊයේ (09) උදෑසන බේරුවල මොරගල්ල සංචාරක පොලීසිය ඉදිරිපිට දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

 

අනතුරින් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

 

අනතුරින් මියගොස් ඇත්තේ බේරුවල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක චතුරංග කස්තුරිආරච්චි මහතායි.

 

ඔහු තවත් කොස්තාපල්වරයෙකු සමඟ පැමිණි යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැමිණි තවත් යතුරපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

 

 

views

208 Views

Comments

arrow-up