පොලිස් වෙඩි පහරින් කොල්ලකරු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

පොලිස් වෙඩි පහරින් කොල්ලකරු මරුට

පොලිස් වෙඩි පහරින් කොල්ලකරු මරුට

රන් මාලයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවකු පොලිසිය එල්ල කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇත.

 

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලකෑම සිදුකර පලා යන අවස්ථාවේ දී පොලීසිය ඔවුන් පසු පස හඹා ගොස් ඇත.

 

එහි දී සැකකරුවන් පොලීසියට වෙඩි තබා ඇති අතර පසුව පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් යතුරුපැදියේ ගමන් කළ එක් කොල්ලකරුවෙක් මෙලෙස මිය ගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙකි.

 

යතුරුපැදියේ ගමන්කළ අනෙක් සැකකරු යතුරුපැදිය පෙරළීම හේතුවෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

 

views

241 Views

Comments

arrow-up