OCT
16
වඳ වී ගිය ගවරා යළි ලංකාවට

අතීතයේ සිටි නමුත් මේ වන විට මෙරටින් වඳ වී ගොස් ඇතැයි සැලකෙන ගවරුන් හෙවත් ඉන්දීය බයිසන් ගවයන් යළි මෙරටට ලබා දීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබේ.
මෙරට බලධාරීන් විසින් ඉන්දීය විදේශ අමාත්‍යාංශයට ඒ සඳහා ඉල්ලීමක් සිදුකර ඇතැයි “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව ඉන්දීය විදේශ අමාත්‍යාංශය මෙම ඉල්ලීම සලකා බැලීම සඳහා එරට පරිසර හා වනාන්තර අමාත්‍යාංශය වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.
487 Views
Comments