විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වූවන් ගණන 241,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වූවන් ගණන 241,000 ඉක්මවයි

විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වූවන් ගණන 241,000 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ විදේශ රැකියා සදහා ලියාපදිංචි වූවන් ගණන පෙරේදා (08) දිනය වන විට 241,034 ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉලක්කය වන්නේ මෙම වසර තුළ 330,000ක පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබා දීමයි.

 

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂිකව විදේශ රැකියා සඳහා පිටත්වන පුද්ගලයන් ගණන 280,000 - 300,000 අතර ප්‍රමාණයකි.

 

මෙහි වැඩි ම අගය 2014 වසරේ දී 300,703ක් ලෙස වාර්තා වූ අතර 2016 වසරේ සිට එම අගය අඩු වී ඇත.

 

කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 වසරේදී එම ප්‍රමාණය 53,711 දක්වා අඩු විය.

 

views

239 Views

Comments

arrow-up