OCT
30
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(30) රැස් වී තිබෙනවා.
ඒ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දීයි.
පක්ෂයේ තීරණයට පටහැනිව යමින් අමාත්‍ය ධූර ලබාගත් නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකු තනතුරුවලින් ඉවත් කිරිමෙන් පසු පවත්වන පළමු මධ්‍යම කාරක සභාවද මෙය වෙනවා.
එමෙන්ම පසුගිය දිනවලදී පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායක රැස්වීම් සඳහා කැඳවීම් නොකල පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ද මෙම රැස්වීම සඳහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
227 Views
Comments