විදේශිකයන්ට වියදම අඩුම නගරය කොළඹ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

විදේශිකයන්ට වියදම අඩුම නගරය කොළඹ

විදේශිකයන්ට වියදම අඩුම නගරය කොළඹ

විදේශිකයන්ට අඩුම ජීවන වියදමකින් ජීවත්විය හැකි නගර අතර පළමු ස්ථානය ගැනීමට කොළඹ නගරය සමත්ව තිබේ.

 

ඇමරිකාවේ ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ට්ස් වෙබ් අඩවිය කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇත.

 

කොළඹ නගරය මෙලෙස අඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගරය බවට පත්වූයේ ලොව පුරා නගර 172ක් අතරේ සිදුකළ සමීක්ෂණයකට අනුවයි.

 

මෙම සමීක්ෂණයට අනුව විදේශිකයෙකුට තම රටින් පිටව ගොස් අඩුම ජීවන වියදමකින් ජීවත්විය හැකි නගර ලෙස කොළඹ, ඉන්දියාවේ බැංගලෝර් සහ ඇල්ජීරියාවේ ඇල්ජීර්ස් නගර සඳහන් කර ඇති අතර ජීවන වියදම වැඩිම නගර ලෙස සිංගප්පූරුව හා ඇමරිකාවේ නිව්යෝක් නගරය සඳහන් කර ඇත.

 

views

213 Views

Comments

arrow-up