උපකාරක පන්තියේ විනෝද චාරිකාව ගිය සිසුවෙකු දියේ ගිලී මරුට

වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සඳලංකා ප්‍රදේශයේ පදිංචි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකි.
පන්නල මාකඳුර ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වන එම සිසුවා ඇතුළු සිසුන් 80 දෙනෙකු විනෝද චාරිකාවක නිරත වී සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
සිසුන් අතරින් පිරිසක් පිහිනුම් තටාකයේ දිය නාමින් සිටින අතරතුර මෙම සිසුවා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
239 Views
Comments