ලංකාවේ පුරවැසිකම නෑ කියා නඩුවක් වැටුණු ඩයනා සජිත්ටයි මද්දුමබණ්ඩාරටයි නඩු දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ලංකාවේ පුරවැසිකම නෑ කියා නඩුවක් වැටුණු ඩයනා සජිත්ටයි මද්දුමබණ්ඩාරටයි නඩු දමයි

ලංකාවේ පුරවැසිකම නෑ කියා නඩුවක් වැටුණු ඩයනා සජිත්ටයි මද්දුමබණ්ඩාරටයි නඩු දමයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය හා තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගොනුකළ පෙත්සමකට අදාළව ලබන ජනවාරි 25 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි ඔවුන් දෙදෙනාට කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය අද නොතීසි නිකුත් කළේ ය.

 

ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මගින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමකින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පෙන්වාදී ඇත්තේ සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බවයි.



එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයක්, රංජිත් මද්දුම බණ්ඩාර මහතා පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අභියෝගයට ලක්කළ අධිකරණ ක්‍රියාවලිය ඇතුළු සාක්ෂි කිහිපයක් ද  ඇය මීට අදාළව සාක්ෂි ලෙස ගොනුකර තිබේ.



මන්ත්‍රීවරිය පවසන්නේ සමගි ජලබලවේගය පක්ෂයේ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ තුන තුන වගන්තිය අනුව පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන්නේ නම් එනයින්ම සමගි ජනබලවේගයේ සාමාජිකත්වය අහෝසි වන බවයි.



මේ අනුව සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පක්ෂයේ සාමාජිකත්වය දැරීමත් නායක හා මහලේකම් තනතුරු දැරීමත් නීත්‍යනුකුල නොවන බවට නියෝගයක් ඉල්ලා සිටින ඩයනා ගමගේ මහත්මිය සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ එය විභාග කරන තෙක් තනතුරු දැරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.



පෙත්සම අද කොළඹ දිසා අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට ලබන ජනවාරි 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරිණ.

views

262 Views

Comments

arrow-up