කුකුළන් 31 දෙනෙකු සොරකම් කළ පොලිස් කොස්තාපල් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය 29 වනදා රාත්‍රියේ කුකුළන් 31 කෙනෙකු සොරකම් කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් විසින් මෙලෙස සොරකම් කර ඇත්තේ කොටදෙණියාව දොඹවින්න රජයේ සත්ත්ව ගොවිපලෙහි අභිජනනය සඳහා වෙන් කර තිබූ කුකුළන් 31 කෙනෙකි.
සැකකරුවන් විසින් පුළුස්සා ආහාරයට ගැනීම සඳහා සැකසූ කුකුළන් 15 දෙනෙකු ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙණියාව සහ වැලිහිඳ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
221 Views
Comments