මාමා - බෑණා හබය දුරදිග යාමෙන් මාමා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

මාමා - බෑණා හබය දුරදිග යාමෙන් මාමා මරුට

මාමා - බෑණා හබය දුරදිග යාමෙන් මාමා මරුට

හැටන් ප්‍රදේශයේ පවුලක මාමා සහ බෑණා අතර ඇති වූ ආරාවුලක් දුර දිග යාමෙන් මාමණ්ඩිය ජිවිතක්ෂයට පත්ව ඇත.

 

හැටන් පොලිසිය විසින් සැකකර බෑණා ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගැටුමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් දික්ඔය ඔටරි වතුයායේ පදිංචි කරුපන් කාමරාජන් (62) නැමැති තිදරු පියෙකි.

 

ඊයේ (09) දින පස්වරු 3.00 ට පමණ මාමා සහ බෑණා අතර බහින් බස් වීමක් ඇති වී ඇති අතර බෑණා විසින් මාමාට පහර දී තල්ලු කිරීමත් සමග මාමණ්ඩිය නිවසේ බිමට වැටී හිසට සිදු වූ බරපතල තුවාල නිසා ඔහු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව හැටන් පොලිසිය සඳහන් කරයි.

 

මෙම සැකකාර බෑණා පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මාමණ්ඩියගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇති වූ ගැටුමේදී මෙම  සිදු වී ඇති බව හැටන් පොලිසිය කියා සිටී.

 

මෙම සිද්දිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂාව පවත්වන ලදී. එහිදී එතුමා හැටන් පොලිසියට නියෝග කර ඇත්තේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.
 

views

212 Views

Comments

arrow-up