FEB
10
මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සම ඉවත දැමේ

මහජන උපයෝගීතා කොමිසම විසින් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම, විභාගයට නොගෙන ඉවත දැමීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම මෙසේ ප්‍රතික්ෂේප කරන ලදි.
213 Views
Comments