කිරි ගවයින් තිදෙනෙක් මස් කළ දෙදෙනෙක් දැලේ

කිරි ගවයන් තිදෙනක් මස් කර, එම මස් මුදලට අලෙවි කිරීම සඳහා නගරය දෙසට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ ත්‍රීරෝද රථයක් සමග එහි තිබු මස් කිලෝ 324 ක් අද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
පස්සර අත්තම් නිවාස ගම්මානයේ නිවසක් තුල මෙම කිරි ගවයන් මරා මස් කිරීම සිදු වී ඇත. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මාර්ගයේ ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථය නවතා පරික්ෂා කිරීමේදී ත්‍රිවිලරය පිටු පස සතුන්ගේ මස් සහ පාද සමග ගව හිස් තුනක් තිබී හමු වී ඇත.
එම ප්‍රදේශයේ සිටින නිදැල්ලේ සැරිසරන කිරි ගවයන් තිදෙනක් ගෙනවිත් නිවසේදී මරා මස් කර එම මස් අලෙවිය සදහා නගරයට ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට පත්ව තිබේ.
ඔවුන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් දෙදෙනා සමග සත්ව මස් සහ ප්‍රවාහනයට යොදා ගත් ත්‍රිරෝද රථය බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම වැටලීම සිදු කර ඇත්තේ බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් අනුව පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියරත්න මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් විසිනි.
198 Views
Comments