දිළිඳු ළමුන් 20000ක් මන්දපෝෂණයට ගොදුරු වෙයි

රටේ පවතින බලපතල ආර්ථික පරිහාණි තත්වය හේතුවෙන් මෙරට දිළිදු පවුල්වල 20,000 කට අධික ළමුන් පිරිසක් මේ වනවිට උග්‍ර මන්ද පෝෂණ තත්වයෙන් පෙළෙන බව හෙළි වී තිබේ.
එම ළමුන් සඳහා අධිපෝෂණදායී ආහාර පැකේජයක් ලබා දීම සඳහා වැඩපිළිවෙළක් පවුල් සෞඛය කාර්යාංශය සමඟ එක්ව ලෝක ළමා අරමුදලේ ආධාර ද සහිතව ආරම්භ කර ඇති අතර, එම වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන්කර ඇත.
මෙම රෝගී තත්වයෙන් පෙළෙන ළමුන් ප්‍රාදේශීය රෝහල් වල වෛද්‍යවරුන් ප්‍රමුඛ විශේෂ කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව අධිපෝෂදායී ආහාර පැකේජය ලබා දීම සිදු කරන බවත්, ඉන් පසුව එම දරුවන් විශේෂ සෞඛ්‍ය සේවා අධීක්ෂක මණ්ඩලයක් වෙත යොමු කරන බවත් සෞඛ්‍ය කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කර සිටී.
202 Views
Comments