කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයාට පිහියක් පෙන්වා මංකොල්ල කාලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයාට පිහියක් පෙන්වා මංකොල්ල කාලා

කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයාට පිහියක් පෙන්වා මංකොල්ල කාලා

කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයෙකු වන ඩික්සන් ජේ පෙරේරාගේ සම්බාහනය සදහා පැමිණි තරුණයෙකු ඔහුගේ ගෙලට පියක් තබා ඔහු සතු රුපියල් ලක්ෂ 10 කට අධික මුදල් සහ රන් භාණ්ඩ පැහැර ගෙන ගොස් තිබේ.

 

මෙම මන්ත්‍රීවරයා දැනට විශ්‍රාම සුවයෙන් කල් ගත කරන අතර ඔහු 76 හැවිරිදි වියෙහි පසු වේ.

 

ඔහු පුරුද්දක් ලෙස සම්බාහනය සදහා දෛනිකව තරුණයෙකු නිවසට ගෙන්වා ගන්නා බව වාර්තා වේ.

 

කෙසේ නමුත් මෙම තරුණයා එකවර ඊයේ මන්ත්‍රීවරයාගේ ගෙලට පිහියක් තබා මෙම කොල්ලකෑම කොට තිබේ.

 

දෙහිවල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත.

views

226 Views

Comments

arrow-up