“ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” නැරඹූ ජනපති

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ පැවැත්වෙන, 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව සංවිධානය කර ඇති “ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
ජනපතිවරයාගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම චිත්‍ර ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති හාර්න්පේල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වැනිදා ආරම්භ විය.
ශ්‍රී ලාංකීය අභිමානය උකහා දැක්වෙන ලෙස නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස්. සරත් මහතා විසින් සංවිධානය කර තිබේ.
මෙහිදී, චිත්‍ර කිහිපයක් රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම සිදු වූ අතර ජනපතිගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් ද පිළිගන්වා තිබේ.
215 Views
Comments