පොලිස් අධිකාරිවරු පස්දෙනෙකු උසස් වෙයි

පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර තිබෙන බව වාර්තා වනවා.
පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම් ලබා දී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ලේකම්වරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.
ඒ අනුව පොලිස් අධිකාරී ජේ. චන්ද්‍රකුමාර විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත්, පොලිස් අධිකාරී ආර්.නූදරන් පොලිස් විශේෂ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත්, පොලිස් අධිකාරී එම්. රිෆාට් ප්‍රවාහන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් පත් කිරිමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම පොලිස් අධිකාරි බී. මනතුංග ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත්, පොලිස් අධිකාරී එස් ද සිල්වා ජයසේකර අගමැති ආරක්ෂක කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙසත් පත් කර තිබෙනවා.
247 Views
Comments