“ශ්‍රී ලාංකිකයන් මිලියන හතකගේ ජීවිත අඳුරේ. මානුෂික ආධාර කඩිනමින් සැපයිය යුතුයි" -යුනිසෙෆ්-
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

“ශ්‍රී ලාංකිකයන් මිලියන හතකගේ ජීවිත අඳුරේ. මානුෂික ආධාර කඩිනමින් සැපයිය යුතුයි" -යුනිසෙෆ්-

“ශ්‍රී ලාංකිකයන් මිලියන හතකගේ ජීවිත අඳුරේ. මානුෂික ආධාර කඩිනමින් සැපයිය යුතුයි" -යුනිසෙෆ්-

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තා පෙන්වා දෙන පරිදි ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ජනතාවගෙන් මිලියන 7කට තවමත් මානුෂීය සහය අවශ්‍ය වී තිබේ.

 

එම වාර්තාවේ සඳහන් වන ආකාරයට ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම සහ දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් මෙරට ළමුන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන හා පෝෂණ සේවා වලට බලපෑම් එල්ල වී තිබේ.

 

යුනිසෙෆ් සංවිධානයේ දත්තවලින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය මත මෙරට ළමුන් මිලියන 2.3කට මානුෂීය ආධාර අවශ්‍ය වන බවයි.

 

එසේම මෙරට වයස අවුරුදු 05ට අඩු දරුවන් 56,000කට උග්‍ර මන්ද පෝෂණය සඳහා වන හදිසි ප්‍රතිකාර අවශ්‍ය බව ද එම වාර්තාවල දැක්වේ.

 

යුනිසෙෆ් සංවිධානය මැදිහත්ව 2022 වසරේ දී මෙරට ළමුන් 750,000ක් ඇතුළු මිලියන 1.3ක ජනතාවකට සහන ලබා දී තිබුණි.

 

තවද නාගරික ප්‍රදේශවල ලක්ෂ 8කට අධික පිරිසකගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සලසා දීමට ද  යුනිසෙෆ් සංවිධානය මැදිහත්ව පියවර ගෙන තිබුණි.

 

එසේම, යුනිසෙෆ් සංවිධානය මැදිහත් වීමෙන් 2022 වසරේ දී මාස 3ක කාලයක් සඳහා කොළඹ නාගරික බල ප්‍රදේශයේ මව්වරු 3,010කට සහනාධාර ලබා දුන් අතර පවතින තත්ත්වය මත මෙම වසරේ දී එය 110,000ක දක්වා ඉහළ දමන බව ද ඔවුන් පවසයි.

 

 

views

506 Views

Comments

arrow-up