චීනයට සහ ඇමරිකාවට මැදි වූ ශ්‍රී ලංකාව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

චීනයට සහ ඇමරිකාවට මැදි වූ ශ්‍රී ලංකාව

චීනයට සහ ඇමරිකාවට මැදි වූ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම පිළිබඳව ඇමරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පසුගියදා කරන ලද ප්‍රකාශය දෙරට අතර රාජ්‍ය  තාන්ත්‍රික අර්බුදයක් දක්වා දුරදිග යන ලකුණු පෙන්නුම් කළේය.

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි අතර චීන එක්සිම් බැංකුව දැනටමත් ශ්‍රී ලංකාවට සිය ණය තිරසාරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපිය ලබා දී ඇතැයි එම ප්‍රකාශයේ සඳහන්.

 

මේ අතර ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර 2ක් ලබාදෙන බව චීනය පවසයි.

 

2022 සහ 2023 යන වසරවල දී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා දිගුවක් ලබා දීමේ සැලැස්මක් තම රජය විසින් ඉදිරිපත් කළ බව චීනයේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශක මාඕ නින්ග් පවසා තිබේ.

 

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ණය සඳහා ගෙවිය යුතු මූලික මුදල් හා පොලී ගෙවීමට සිදු නොවනු ඇති බවයි.

 

ශ්‍රී ලංකාවට තෙවනියට විශාලතම ණය ලබාදෙන දෙන්නේ චීනය වන අතර මෙරට ණය වලින් 10% ක් පමණ ලබා දී ඇත්තේ චීනයයි.

 

මෙරටට වැඩිම ණය ලබා දී තිබෙන්නේ ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුවයි.

 

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය ලබා දුන් ණය ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළක් ඉදිකිරීමට මෙන්ම අරමුදල් නොමැති වෙනත් ව්‍යාපෘති සඳහා ද යොදාගෙන ඇති බවයි.

 

මේ අතර ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කිරීමට සූදානම් බව  මෙරට බැඳුම්කර හිමියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දන්වා ඇත.

 

ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම් දී ඇත්තේ අදාළ සාකච්ඡා ඉක්මනින් ආරම්භ කිරීමට ද ණය හිමියන් කැමැත්ත පළ කර ඇති බවයි.

 

මෙම ලිපිය මගින් ණය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණය සහනයක් ලබා ගැනීම සඳහා ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය පෙන්නුම් කරයි.

 

මේ වන විටත් ඉන්දියාව හා චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිතව දන්වා ඇත.

 

එසේම පැරිස් සමාජයේ සාමාජිකයන් ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විධිමත් ලෙස සහය වන බව පවසා තිබේ.

 

views

549 Views

Comments

arrow-up