අද කාලගුණය

අද (18) දින දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල හා පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේ ම රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
කෙසේ නමුත් අද (18) දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
මේ අතර අද (18) දින මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.
219 Views
Comments