පකිස්ථාන මාණ්ඩලික ප්‍රධානී හා ජනපති අතර සුහද හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

පකිස්ථාන මාණ්ඩලික ප්‍රධානී හා ජනපති අතර සුහද හමුවක්

පකිස්ථාන මාණ්ඩලික ප්‍රධානී හා ජනපති අතර සුහද හමුවක්

පකිස්ථානයේ  ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

 

දීර්ඝකාලීන සමීප සබඳතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා, ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා ඇතුළු පිරිස සමග සුහද කථා බහකට එක් විය.

 

මෙම හමුවීම සනිටුහන් කරමින් ෂම්ෂාඩ් මිර්සා විසින් සමරු තිළිණයක්ද ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පාකිස්ථාන නාවික හමුදාවේ රියර් අද්මිරාල් අබ්දුල් බාසිත් බට් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

views

236 Views

Comments

arrow-up