බස් රථයක් කොල්ලකෑ සීසර් ලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

බස් රථයක් කොල්ලකෑ සීසර් ලා

බස් රථයක් කොල්ලකෑ සීසර් ලා

වාරික මුදල් ගෙවීම පැහැර හැර ඇති බව පවසා නවීන පන්නයේ බස් රථයක් කොල්ලකෑ බව කියන සීසර් ලා තිදෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා  පසුගියදා  නියෝග කර සිටියේය. මුල්‍ය සමාගමට ගෙවිය යුතු වාරික මුදල් නොගෙවා ඇති බව පවසා මෙම මංකොල්ලය සිදු කර ඇත.

 


සැකකරුවන් තිදෙනා කොච්චිකඩේ සහ පළඟතුරේ  යන ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 27-35 වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය සඳහන් කරයි.

 

අධිකරණය විසින් එම මුල්‍ය සමාගමට නියෝග කර ඇත්තේ  අදාළ බස් රථය කඩිනමින් බඩල්ගම පොලිසිය වෙත භාර දෙන ලෙසටයි. අදාළ බස් රථය රුපියල් ලක්ෂ 95 ක් පමණ වටිනා කමකින් යුතු එකක් බව පොලිසිය සදහන් කරයි.

 

මෙහි හිමිකරු බස් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති අතර බඩල්ගම, මඩම්පැල්ල ප්‍රදේශයේ සිට අවමංගල්‍ය උත්සවයකට පිරිසක් රැගෙන යා යුතු බව පවසා සැකකරුවන් තිදෙනා විසින් හිමිකරු රවටා මීගමුවේ සිට මඩම්පැල්ල ප්‍රදේශයට ගොස් බස් රථය කොල්ලකා ඇති බව පොලිසිය සදහන් කරයි.

 

හෙළි වූ කරුණු අනුව, බස් රථයේ වායුසමීකරණය අනවශ්‍ය බව පවසා බසය නවතා ජනෙල් අරින ලෙස එක් සැකකරුවෙක් රියදුරාට පවසා ඇති අතර බසය නවතා බසයේ ජනෙල් විවෘත කරලීම සඳහා රියදුරු අසුනෙන් බැස යෑමෙන් අනතුරුව රියදුරු අසුනට ගොඩ වූ එක් සැකකරුවකු බස් රථය රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටී.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.
 

views

255 Views

Comments

arrow-up