දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණය විහිළුවක් බව මන්ත්‍රී එරාන් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණය විහිළුවක් බව මන්ත්‍රී එරාන් කියයි

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණය විහිළුවක් බව මන්ත්‍රී එරාන් කියයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වාර්තා සැක සහිත බවයි.

 

මෙම මරණය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර කරුණු ඇතුළත් මරණ පරීක්ෂණ වාර්තා දෙකක් නිකුත් වීම හාස්‍යයට කරුණක් බව පවසා සිටින ඒ මහතා, මෙම ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව අතර මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන බවද කියා සිටී.

 

විදේශ ආයෝජකයන් ගෙන්වමින් ර්ටේ කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවන්නට උත්සාහ කරන මෙවන් අවස්ථාවක, කීර්තිමත් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ගේ මරණය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් නොපැවැත්වීම නරක පූර්වාදර්ශයක් බවද ඔහු කියා සිටී.

 

එසේ හෙයින් මෙම කරුණ පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

views

218 Views

Comments

arrow-up