FEB
17
ට්‍රැෆික් පොලිස් නිලධාරියාට පහර දුන් මානසික රෝගී තරුණිය

හිස් වැසුම් නොමැතිව යතුරුපැදියක ගිය තරුණියක් ඇය නවත්වා පරීක්ෂා කළ පොලිස් නිලධාරියෙකුට පහර දී යතුරුපැදිය ද එම ස්ථානයේ දමා පළා ගිය පුවතක් වාර්තා වේ. ඒ ජාඇල ප්‍රදේශයේදී ය.
ප්‍රදේශයේ ඉන්ධන පිරහුම් හලක් අසල මෙය සිදුවී ඇති අතර යතුරුපැදිය පරික්ෂා කිරීමෙන් ඇයගේ පදිංචිය හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත් ඇයගේ නිවසට ගොස් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය යම් මානසික ගැටළුවක් නිසා මෙලෙස කටයුතු කරන බවයි.
257 Views
Comments