සත්ව ආහාර තොගයක් සොරකම් කළ අයෙක් කොටු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

සත්ව ආහාර තොගයක් සොරකම් කළ අයෙක් කොටු වේ

සත්ව ආහාර තොගයක් සොරකම් කළ අයෙක් කොටු වේ

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පෞද්ගලික සමාගමක් මගින් ආනයනය කරන ලද බහලුම්වල තිබු සත්ත්ව ආහාර කිලෝග්‍රෑම් 3420 ක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය සඳහන් කළේ, ඊයේ (09) අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි මාදම්පේ ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථ රියදුරෙක් බවයි.

 

ආහාර බහලුම් 7 ක් එම සමාගම විසින් මෙරටට රැගෙනවිත් තිබේ. මෙම සත්ව ආහාර බහලුම් කොළඹ වරායේ රේගු පරිශ්‍රයේ සිට අදාළ පෞද්ගලික සමාගම වෙත කන්ටේනර්  රථ වලින් ප්‍රවාහනය කරන අතරතුර සොරාගෙන ඇති බව සඳහන් වේ.

views

204 Views

Comments

arrow-up